විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් අතතැතිව බුලත්සිංහල කල්ලුමලේ මාර්ගයේ සැරිසැරු පුද්ගලයෙකු අද (9) සවස අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බුලත්සිංහල අතුර ප්රදේශයේ පදිංච් 40 හැවිරිදි පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි.
මේ පුද්ගලයා ජීව අත්බෝම්බයත් රැගෙන බුලත්සිංහල ඉහළ වෙල්ගම, කල්ලුමලේ ප්රදේශයේට පැමිණෙන බවට බුලත්සිංහල පොලිසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් පිරිසක් මාර්ගයේ රැක සිට මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබන අතර සැකකරු හෙට (10) මතුගම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය