ගෝඪාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරයෙන් ඉවත් නොවන ලෙස ඉල්ලා පුද්ගලයෙක් ගාල්ල නගරයේ දී විරෝධතාවක ඊයේ (13) නිරත විය.
ජනාධිපති ධුරයෙන් ඉවත් නොවන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට බල කරමින් අහංගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ගාල්ල දුම්රිය පොල අසල පුද්ගලික බැංකුවක ඒ.ටි.එම්.කුටියේ වහල මතට නැග විරෝධතාවයක නිරත විය.
පසුව අවට පිරිස් ඔහුට පහර දිමට පැමිණි අතර පොලිසිය මැදිහත්ව ඔහුව බිමට බස්සවා විරෝධතාවේ යෙදී සිටි එම ස්ථානයෙන් ආරක්ෂිතව පිටත්කර හරිනු ලැබිය
