මාගල්ල ඉන්ධන පෝලිමේ දෙපිරිසක් අතර ගැටුමකින් එක් අයෙකු මරුට

ගාල්ල මාගාල්ල ලාෆ් ඉන්ධන පිරවුම්ලේ පෝලිමේ සිටි දෙපිරිසක් අතර ඊයේ( 07) රාත්‍රි ඇතිවු ආරවුලකදි එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හබරාදුව වංචාවල යටගල පදිංචිව සිටි 25 හැවිරිදි පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රි ඉන්ධන පෝලිමට පැමිණි පුද්ගලයෙකු තම මෝටර් රථය මිතුරෙකුගේ වෙළඳසලක් ඉදිරිපිට ඉඩ තිබු ස්ථානයකින් පෝලිමට ඇතුලු කිරිමට උත්සාහ කල අවස්ථාවේ පෝලිමේ පිටුපස සිටි පිරිසක් එයට විරෝධය පලකර ඔහු සමග ගැටුමක් ඇතිකරගෙන ඇති දෙපිරිසක් අතර ආරවුලක් දක්වා වර්ධනය වී මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධියෙන් හතර දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ

සිද්ධය සම්බන්ධයෙන් ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මයුර පෙරේරා මහතාගේ උපදෙස් පරිදි සැකකරුවන් අත් අංගුවට ගැනිම සඳහා වරාය පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Werzuo Digital

Leave a Reply