ඇෆ්ගනිස්ථානයේ කොස්ට් ප්‍රදේශයට කිලෝමීටර් 44 ක් පමණ දුරින් සිදු වූ මැග්නිටියුඩ් 6.1 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයකින් පුද්ගලයන් දහසකට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ පක්ටිකා ප්‍රදේශයටයි.
එම ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි සහ නිවාස රැසක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර සුන්බුන්වලට යටවී පුද්ගලයින් 950 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය කලින් වාර්තා කළේ. තුවාලකරුවන් 610 දෙනෙකුට අධික පිරිසක් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය
අලුයම් කාලයේදී සිදු වුන මෙම භු චලනය නිසා එම අවස්ථාවේදී බොහෝ පිරිසක් සිය නිවෙස් තුළ නිදා සිටි බැවින් බොහෝ පිරිසක් එලෙස සුන්බුන්වලට යටවී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.