මේ වන විට ඉන්ධන බලාපොරොත්තුවෙන් ඉතා විශාල පිරිසක් තෙල් පෝලිම්වල රැඳි සිටි.
විශේෂයෙන්ම නගරාශ්‍රිතව ඇති ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් කිලෝමීටර් ගණනක් දිගට පවතින අතර සමහර ඉන්ධන පිරවුම්හල් වෙත මේ වන විටත් ඉන්ධන පැමිණ නොමැත
මහ වැස්සේ ජනතාව පෝලිම්වල රැඳි සිටින අතර එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බව ඔවුන් ප්‍රකාශ කරයි. සමහර පිරිස් දින ගණනාවක් ඉන්ධන බලාපොරොත්තුවෙන් පෝලිම්වල රැඳි සිටින බවත් දක්නට ලැබේ.
ගාල්ල හා තදාසන්න ප්‍රදේශවල අද සවස ඇද හැලුනු මහ වැස්සේ තෙමෙමින් ජනතාව සිටින අයුරු දකින අයගේ දැස් සංවේදි කිරිමට සමත් විය.
මේ අතර දැනට ලැබී ඇති සහ ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධන හල් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබා දී තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව එක්ව රාජ්‍ය සහ පෞද්ගලික බැංකු දායක කරගෙන ප්‍රමාණවත් ඉන්ධන තොග ඇණවුම් කිරීමට පහසුකම් සපයමින් ණයවර ලිපි නිකුත් කිරීම සඳහා සැලසුම් සකස් කළ යුතු බවයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.
පෙට්‍රල්, ඩීසල්, ගෑස් බෙදාහැරීම සහ ආනයනය සම්බන්ධයෙන් අද (17) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී මේ බව ප්‍රකාශ කළා