ශ්‍රි ලංකාවේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොක්කා කතා කරයි

ශ්‍රි ලංකාවේ අත්‍යාවශ්‍ය ඖෂධ හිඟතාවයන් මොනවාදැයි හඳුනාගැනීමට සහ දැනට තිබෙන ඖෂධ තොග පිළිබඳ දත්ත එක්රැස් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය සමග එක්ව කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසිස් මහතා පවසයි.

ශ්‍රි ලංකාවේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවයන් සපුරාලීමටත් ඉදිරි මාස 3-4 කාලය තුළ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට නොදී පවත්වා ගෙන යාමටත් ඩොලර් මිලියන 8 ක මුදලක් අවශ්‍ය බවත් එය ජීවත් වීමට අවශ්‍ය අවම පහසුකම් සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 47.2 ක මුදලක් අවශ්‍ය බවට මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මගින් සිදු කළ මානුෂීය අභියාචනාව මගින් ඉල්ලා ඇති බවත් ඔහු සදහන් කර තිබේ

Werzuo Digital

Leave a Reply