අවුරුදු 12 දැරියට හදිකල 40 හැවිරිදි පෙම්වතා අත් අඩංගුවට 

වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරියක්  බරපතල ලෙස ලිංගික අපයෝජනය කිරිම සම්බන්ධයෙන් දැරියගේ 40 හැවිරිදි සැකකාර පෙම්වතා යැයි පැවසෙන පුද්ගලයෙකු ඊයේ (11) අත්අඩංගුවට ගත් බව අක්මිමන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නරාවල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. 

සැකකරු විසින් මෙම දැරිය සමග දැනට වසර එකහමාරක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වි තිබේ. දැරිය එම ප්‍රදේශයේ පාසලක හය වසරේ ඉගෙනුම ලබන අතර මෙම දැරියගේ පාසල් බැගයේ  තිබි පෙම් හසුනක්  විෂයභාර ගුරුවරියට හමුවි ඇත.පසුව මේ පිළිබද දැරියගේ ආච්චි දැනුවත් කිරිමට කටයුතු කර තිබු අතර ඇය දැරිය සමග පැමිණ පොලිසියට පැමිණිලිකොට තිබේ.

මෙම දැරියගේ මව නොමැති අතර සිය ආච්චි බාරයේ සිට ඇත

මෙම දැරිය වසර එකහමාරක පමණ කාලයක සිට සැකකාර දෙදරු පියා විසින්  වරින් වර ඇය බරපතල ලෙස ලිංගිකව අපයෝජනයකට ලක්කොට ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි  ඇත.

මෙම දැරිය අධිකරණ වෛද්‍ය පරික්ෂණයකට යොමුකොට තිබු අතර ඇය දුෂණයට ලක්ව ඇති බව වෛද්‍ය පරික්ෂණයේ දි අනාවරණය වි ඇති බවද පොලිසිය පවසයි.

සැකකරු හා දැරිය අද (12) ගාල්ල මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි

ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහාම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියෙකුගේ යුතුකම ඉටු කරන්න.

Werzuo Digital

Leave a Reply