බටපොල අලුත්වල ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබු T56 පතරොම් ගැබ දෙකක් සහ උණ්ඩ 60ක් පෙරේදා (12) සවස සොයාගෙන ඇතැයි බටපොල පොලිසිය පවසයි. නිවස ඉදිරිපිට මිදුල පිරිසිදු කරමින් සිටියදි වලදමා තිබු මෙම උණ්ඩ තොගය හමුවි ඇත.
අලුත්වල මහගංගොඩ පිහිටි තාක්ෂණ නිලධාරියෙකුට අයත් ඉඩමක තිබි මෙම උණ්ඩ තොගය හමුවි ඇති අතර පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ එම පුද්ගලයා මෙයට වසරකට පමණ පෙර එම ප්‍රදේශයේ කාන්තාවකගෙන් මෙම ඉඩම මිලදි ගෙන ඇති බවය.
මෙයට පෙර ඉඩම නාවික හමුදා සෙබලෙකුට බදු පදනම මත ලබාදි තිබි ඇති බවත් එම නාවික හමුදා සෙබළා හබරණදී බෝම්බයට හසුව මියගොස් ඇති බවත් අනාවරණයවි තිබේ.
ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්.ලිලවංශ මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරි රුවනි ගුරුසිංහ මහත්මියගේ උපදෙස් පරිදි බටපොල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.