ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මහනගර නගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු අධි අවදානම් තත්ත්වයක් වාර්තා වෙයි. නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමග මෙම තත්ත්වය වර්ධනය වී ඇති අතර තුන්සියකට ආසන්න ආසාදිතයින් පිරිසක් ගාල්ල මහනගර සභා බල ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ.
සාමාන්‍යයෙන් නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමඟ මැයි මාසයේ මෙම තත්ත්වය වර්ධනය වූවත් , මෙවර මෙම වර්ෂයේ ජනවාරි මස සිට මේ මොහොත දක්වා රෝගීන් වර්ධනය වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සඳහන් කරයි.මේ වන විට දිස්ත්‍රික්කයේ එක් මරණයක් ඩෙංගු ආසාදනය වීමෙන් වාර්තා වන අතර ඒ වයස අවුරුදු 38 ක කාන්තාවකි.
ගෙවී ගිය මාස 4 ක කාලසීමාව තුළ රෝගීන් 1178 දෙනෙක් වාර්තා වෙයි.අක්මීමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් ආසාදිතයින් එකසිය පනස් අටක් ද, බෝපේ පෝද්දල, අම්බලන්ගොඩ, බලපිටිය, හබරාදුව, බද්දේගම යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවලින් මෙවැනි රෝගීන් වාර්තා විම වැඩි අගයක් ගෙන ඇත .
මේ වන විට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සහ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව ඩෙංගු මර්ධනය කිරීමේ වැඩසටහන් රැසක් දියත් කර තිබේ .