ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ඉවත්වන ලෙස බල කරමින් ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණයට සහාය පල කරමින් ගාල්ල බස් නැවතුම්පොල ඉදිරිපිට 15 වනදින ආරම්භ කරන ලද උද්ඝෝෂණය අඛණ්ඩව අද (17) ද පැවැත්විණ.
මේ අතර ගාල්ල පොලිසියේ නිලධාරින් පැමිණ මං මාවත් අවහිර කිරිමේ පනත යටතේ අද උදැසන උද්ඝෝෂකයින් විසින් ඉදිකර තිබු අට්ටාලය ගලවා ඉවත් කිරිමට පියවර ගන්නා ලදි.
පසුව ගාල්ල අධිකරණයේ රජින්ද්‍ර නාරංගොඩ, සමන්ත උඩුගම්පොල, අජිත් කුමාර ගෝපිකා ලොකුගේ යන නිතිඥ මහත්ම මහත්මින් ප්‍රධාන නිතිඥවරු පිරිසක් පැමිණ ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා හමුවි නිතිමය කරුණු දක්වා සාකච්ඡා කිරිමෙන් පසු නැවත අට්ටාලය ඉදි කිරිමට අවසර ලබාදෙන බව පැවසිය.
අද (17) දහවල් යළිත් එම ස්ථානයේ එම අට්ටාලය ඉදිකර පිරිස විරෝධතාවයේ යෙදී සිටියහ.