කොත්මලේ රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය හත් දෙනෙකුගෙන් තිදෙනකු දියෙ ගසාගෙන ගොස් අතුරුදහන් වි ඇතැයි පොලිසිය පවසයි.
වවුනියාවේ සිට පැමිණි ඇඟළුම් සේවකයින් පිරිසක් මෙසේ දිය නාද්දී 07 දෙනකු ගසාගෙන ගොස් ඇති අතර ඉන් 04 දෙනකු බේරාගෙන ඇත. අතුරුදහන් වූවන් අතර කාන්තාවන් දෙදෙනකු ද සිටින බව ද පොලිසිය පවසයි
රම්බොඩ ඇල්ල ඉහළ ප්‍රදේශවලට ඇදහැලෙන තද වර්ෂාවත් හේතුවෙන් ගලා ආ විශාල ජල කඳකට මෙම පිරිස ගසාගෙන ගොස් ඇත. අතුරුදහන් පිරිස සොයා මේ වන විට පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.