පස් කන්දක් කඩා වැටී බෙරගල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වැසේ

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද 02 සවස ගල් කුළු සමඟ විශාල පස් කන්දක් කඩා වැටී බෙරගල වැල්ලවාය මාර්ගය ගල්කන්ද ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවහිර වී ඇතැයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරිය ප්‍රකාශ කර ඇත.

අයහපත් කාලගුණය මධ්‍යයේ මාර්ගයේ අවහිර තා ඉවත් කරමින් ඇති ඇති බැවින් දැනට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. විකල්ප මාර්ග ලෙස බෙරගල මන්තැන්න,කිරවනාගම හරහා කොස්ලන්ද මාර්ගය හෝ ඇල්ල වැල්ලවාය මාර්ගය භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.

බැකෝ යන්ත්‍ර යොදා පස් කඳු හා ගල්කුළු ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දුන් බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරිය ප්‍රකාශ කර ඇත..

Werzuo Digital

Leave a Reply