මෘතදේහයක් ඇල්පිටිය ආදාහනාගාරයට රැගෙන ගිය අවස්ථාවේ විදුලිය කපා හැරීම නිසා කඩදාසි කොලයකින් මළ සිරුරකට ගිනි තැබීමට ගිය බව කියන මිය ගිය අයගේ ඥාතීන් දෙදෙනෙකු සහ ආදාහනාගාර සේවකයෙකු පිලිස්සුම් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
ඇල්පිටිය රජමහා විහාර මාවතේ පදිංචි පුද්ගලයකුගේ ආදාහාන කටයුතු සඳහා සිරුර ඇල්පිටිය අදාහනාගාරයට ඊයේ (21) දහවල් රැගෙන ආ අවස්ථාවේ ප්‍රදේශයේ විදුලිය කපා හැරීම ආරම්භ වී ඇත.
ඒ අවස්ථාවේ ආදාහනාගාර සේවකයන්ගේ උපදෙස් අනුව කඩදාසි කොළයක් දල්වා දේහයට ගිනි තැබීමට යාමේදී තරුණයන් දෙදෙනෙකුට හා ආදාහනාගාර සේවකයෙකුට මෙසේ ගිනි ඇවිලී ඇතැයි සඳහන් වේ.
විදුලිය පවතින වෙලාවක ගිනි තැබීම කරනුයේ ආදාහනාගාරය බොත්තමක් ඔබයි එමගිා එමගින් බවත් ඊයේ දහවල් විදුලිය කපා තිබීම නිසා මෙසේ කඩදාසි කොලයක හදාරන දේහයට ගිනි තැබීමට උත්සාහ දරා ඇති බවත් කියති.
ලංකාදීප