ශ්‍රි ලංකාවේ සිට ඉන්දියාවට පිහිනු දිරිය දියණිය

ඔටිසම් රෝගයෙන් පෙළෙන විශේෂ අවශ්‍යතා සහිත 13 හැවිරිදි දැරියක් ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ තමිල්නාඩුව දක්වා පිහිනා වාර්තාවක් තබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මෙහි විශේෂිතම කරුණ නම් ඔටිසම් රෝගයෙන් පෙලෙන්නෙකුට සමාජයත් සමග කටයුතු කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීම ඉතාම අපහසු වුවත් ඇය මෙම අභියෝගය සාර්ථකව ජයගෙන තිබිමයි.

මෙම 13 හැවිරිදි ජියා රායි නම් මෙම දැරිය තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කෝඩි දක්වා වූ පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනීමට පැය 13 ක් ගතවී ඇති අතර පැයට කිලෝමීටර 14 ක වේගයෙන් විවෘත ජලයේ පිහිනූ විශේෂතම කාන්තාවට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියයි.

ඉන්දියාවේ අවුරුදු 18ට අඩු අයෙක්ට ලබා දෙන ඉහළම ගෞරවය වන රාශ්ට්‍රිය බාල් පුරස්කර් සම්මානය ද ජියා රායි දැරියට ලබා දී ඇත.

Werzuo Digital

Leave a Reply