හික්කඩුව නාරිගම ප්‍රදේශයේ මුහුදේ පීනන සිටියදී එකවර දිය වැලකට හසුවී ගසාගෙන යමින් සිටි රුසියානු ජාතික තරුණ යුවලක් සහ ඔවුන්ගේ දරු දෙදෙනාගේ ජීවිතය බේරාගත් බව හික්කඩුව සංචාරක පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම පවසයි.
රුසියන් ජාතික තරුණ යුවලක් සහ ඔවුන්ගේ කුඩා දරු දෙදෙනා පසුගිය (18) වනදා මුහුදේ දිය වැලකට හසුව ගසාගෙන යන අයුරු ඒ ආසන්නයේ රාජකාරියේ යෙදී සිටි හික්කඩුව සංචාරක පොලිසිය ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන් දැක තිබේ.
ඔවුන් වහාම මුහුදට පැන පීනා ගොස් එම යුවල සහ ඔවුන්ගේ දරු දෙදෙනා බේරා ගෙන ගොඩබිමට රැගෙනවිත් තිබේ.
හික්කඩුව සංචාරක පොලිසියේ පොලිස් ජීවිතාරක්ෂකයන් වන පොලිස් කොස්තාපල්වරුන් වන හුලන්ගමුව, සමන් යන මහත්වරුන් සහ ප්‍රදේශයේ ජල ක්‍රිඩකයින් දෙදෙනකු විසින් මොවුන් හතර දෙනාගේ ජිවිතය බේරාගෙන තිබේ..