සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2021 වසරේ ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් මස 15 වනදා දක්වා වූ කාලසීමාව තුළ සිදු කරන ලද වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා ලද නඩු භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන 400 ඉක්මවා තිබේ..
එම කාලසීමාවේදී දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 36,067ක් අත්අඩංගුවට ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ..
මෙම සිද්ධීන්වලට අදාළව අධිකරණයේ නඩු පැවරීම මගින් සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 116ක් දඩ මුදලක් ලබාගෙන තිබේ