මොරගොඩ ඇළ ව්‍යාපෘතියේ පාර හදන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් (PHOTOS)

ගාල්ල – මාපලගම ප්‍රධාන මාර්ගයේ මිලිද්දුව පාලම අසලදි ප්‍රදේශවාසින් විසින් මාර්ගය ඉදිකර දෙන ලෙස ඉල්ලා  ඊයේ (28) පෙරවරුවේ විරෝධතාවයක් පවත්වන ලදී.විරෝධතාවයට එක්වු ප්‍රදේශවාසින් කියා සිටියේ ලෝක බැංකු ආධාර යටතේ රුපියල් මිලියන 200ක් වැයකොට කහදුව වත්තේ සිට මාගාල්ල දක්වා ආරම්භ කරන ලද ව්‍යාපෘතිය සම්පුර්ණයෙන්ම අවසන් නොකර වැඩ අවසන් කර කොන්ත්‍රාත්කරුවන් යාමට සුදානම්වන බවය.
පාරවල් ඉදි කිරිමට නිවාස වලට වන්දි ගෙවිමට මෙම රුපියල් මිලියන 200වෙන් කර තිබුනත් ඒවා සිදු නොකර වැඩ අවසන් කිරිමට සුදානම්වන බවය. එනිසා කෙසේ වෙතත් පාරවල් ටිකවත් සාදාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
          අබලන්වි ඇති මාර්ගය 👇
Werzuo Digital

Leave a Reply