ඕස්ට්‍රේලියාවේ ශ්‍රි ලංකාකියෙකු සිය දරුවන් දෙදෙනා ඝාතනය කර දිවිනසාගනි

ඕස්ට්‍රේලියාවේ පර්ත් හි හන්ටින්ඩේල් ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය 04 හා 06 හැවිරිදි දරුවන් ඝාතනය කර දිවිනසාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම පුද්ගලයා ඉන්දික ගුණතිලක නම් නගර සැලසුම් කරුවෙකු ලෙස සේවය කල අයෙක් බව එම වාර්තාවල දැක්වේ.

මීට මාස හයකට පමණ පෙර ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පවසා ඇත්තේ තමා දැඩි මානසික පීඩාවකින් පසුවන බවය.

කෙසේ වෙතත් ඔහුගේ සහ දරුවන්ගේ සිරුරු පසුව නිවසේ තිබී හමුවී ඇති අතර එරට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

සියදිවි නසා ගැනීම් වලට පෙළඹීමට ඉඩ ඇති අය ඇතුළුව, ආතතිය, කළකිරීමෙන් සිටින හෝ බලාපොරොත්තු සුන්වීම් වැනි ඛේදනීය තත්ත්වයන්ට මුහුණ දෙන පුද්ගලයින්ට අවශ්‍ය වෙන මානසික සහනය අදාල පුද්ගලයන්ගේ සහ තොරතුරු වල රහස්‍යභාවය රකිමින් නොමිලේ උපදේශන සේවය සදහා අමතන්න

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ
උපදේශන සේවාව, “Say Yes To Life”
+94 112 682 535
Werzuo Digital

Leave a Reply