ගාල්ල සහ අම්බලන්ගොඩ ඩෙංගු අධි අවදානම් කලාපයේ

ගාල්ල දිස්ත්‍රික්කය තුල පසුගිය වසරේ ඩෙංගු රෝගින් 736ක් වාර්තා වි ඇතැයි මෙවර පැවති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විමේදි ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අමිල එරංග චන්ද්‍රසිරි මහතා පැවසිය.
මෙම රෝගින්ගෙන් වැඩිම පිරිස වාර්තාවි ඇත්තේ ගාල්ල මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් සහ අම්බලන්ගොඩ සෞඛය ව්‍යෛ නිලධාරි කොට්ඨාසයෙනි.
ගාල්ල නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තාවි ඇති රෝගින්ගේ  සංඛ්‍යාව 117ක් වන අතර අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තාවි ඇති රෝගින්ගේ සංඛ්‍යාව 71කි.
මෙහිදි ඒ මහතා පෙන්වා දුන්නේ ගාල්ල මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය සහ අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය අධි අවදානම් ප්‍රදේශ ලෙසට හඳුනාගෙන ඇති බවය.
Werzuo Digital

Leave a Reply