ත්‍රි රෝද රථ රියදුරුට රුපියල් 160,000 දඩයක්

අංක වෙනස් කොට නියමිත පරිදි තිරිංගද නොමැතිව අධික වේගයෙන් රිය  ධාවනය කිරිම සම්බන්ධයෙන් වරද පිළිගත් ත්‍රි රෝද රථ රියදුරෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය රුපියල් එක් ලක්ෂ හැට දහසක දඩයක් නියම කළාය.
මෙසේ දඩ නියමවුයේ ඉමදුව පදිංචි ත්‍රි රෝද රථ රියදුරෙකුටය.
විත්තිකරු ඉමදුව පොලිස් වසමේදි අධික වේගයෙන් ත්‍රි රෝද රථය ධාවනය කරමින් සිටියදී නවතා පරික්ෂා කිරිමේදි අනාවරණය වි ඇත්තේ එහි චැසි අංකය සහ එන්ජින් අංකය වෙනස් කර දෝෂ සහිත සයිලන්සරයක් සවිකර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවසරයකින් තොරව අමතර කොටස්ද එකතු කර ඇති අතර අත් තිරිංගද අක්‍රියවි තිබි ඇති බවය. 
මෝටර් රථ කොමසාරිස්වරයාගේ සහ රජයේ රස පරික්ෂකවරයාගේ වාර්තා අනුව චෝදනා පහක් යටතේ විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබින.
Werzuo Digital

Leave a Reply