🔴BREAKING🔴 ළිං පතුලෙන් හමුවූ රයන් ප්‍රතිකාර සඳහා රෝහලට

මොරොක්කෝවට උතුරින් පිහිටි දුෂ්කර ගම්මානයක ගැඹුරු ළිඳකට වැටී සිරවී සිටි සොයා ගත් රයන් දරුවා මොරොක්කෝ ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් විසින් මීට සුළු මොහතකට පමණ පෙර ළිං පතුලේ සිට පොළව මතු පිටට රැගෙන ආ බව එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පැය කිහිපයකට පමණ පෙර දරුවා සිටි ස්ථානයට ළඟා වූ සහන කණ්ඩායම් එහිදී දරුවාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් පසු පොළොව මතුපිටට රැගෙන එනු ලැබීය 
දරුවා රැගෙන එන අවස්ථාවේ අවට රැස්ව සිටි දහස් ගණන් පිරිස් ප්‍රීතී ඝෝෂා නංවමින් සිය සතුට පළ කරනු ලැබීය.
පොළොව මතුපිටට ගෙනා ආ රයන් ගිලන් රථයක් මගින් ගෙනගොස් හෙලිකොප්ටරයක් මගින්  වහාම රෝහල් ගත කිරීමට බලධාරීන් පියවර ගනු ලැබීය  
නමුත් දරුවා ජීවතුන් අතර සිටිය ද නැද්ද යන්න තවමත් තහවුරු වී නොමැත 
පෙර පුවත සදහා 👇 

මොරොක්කෝවේ ගැඹුරු ළිඳක වැටි සිටි රයන් සොයා ගැනිමට සමත් වෙයි

Werzuo Digital

Leave a Reply