ලංකාවේ ජනතාව හරිම උතුම් – දුම්රියෙන් වැටි සුවය ලැබු ප්‍රංශ යුවල

පසුගියදා ඉදල්ගස් හින්න ප්‍රදේශයේ දී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් අනතුරට ලක් වූ ප්‍රංශ ජාතික තරුණිය සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

ඇය සහ ඇයව බේරා ගැනීමට දුම්රියෙන් පැන්න ඇගේ පෙම්වතා දියතලාව රෝහලට ඇතුළත් කළ අතර සැලිනි සොලියිනි නම් 26 හැවිරිදි තරුණියට හිසේ සහ පාදයේ තුවාල හේතුවෙන් නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිය.ඒ අතරතුර දියතලාව යුද හමුදා කඳවුරේ නිලධාරීන්  ඇයගේ සුව දුක් විමසා බැලූ අතර පෙබරවාරි 5 වැනිදා ඇය රෝහලෙන් පිටව ගියාය.

සිය පෙම්වතිය ඇද වැටුණු අවස්ථාවේ තමා ද දුම්රියෙන් පැන්නේ සිය බඩු බාහිරාදිය සහ මුදල් සියල්ල පසෙක ලා වුවත් ඒ සියල්ලම යලි ලබා දීමට බලධාරීන් සහ මගීන් කටයුතුකල බව ඔහු ස්තුතිය පලකරමින් පවසා ඇත.

 “ලංකාවෙ ජනතාව හරිම උතුම්, ඒ වගේමයි යුද හමුදාවත්. මම ආයෙමත් ලංකාවට එනවා ”ලෙස ඔහු පවසයි.

ඔක්ටැව් හම්ලින් නම් ඔහු  හිටපු නාවික හමුදා සෙබලෙකු වූ අතර  දැන් එරට  හමුදා පොලීසියට  බැඳී කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටී.

සෙලිනි බේකරි නිෂ්පාදන ආයතනයක සේවය කරන අතර ඇය පවසන්නේ බිංගෙය තුලින් දුම්රිය යද්දී පාපුවරුවේ සිටි තමා ක්ලාන්ත වූ බවයි.ඒ සමග ඇය දුම් රියෙන් ඇද වැටී ඇත.

Werzuo Digital

Leave a Reply