මාතර ඉදිකරන නිවසක මිදුලේ මෝටාර් බෝම්බයක්

මාතර – සුල්තානාගොඩ – මාදුරුදූව ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක මිදුලේ ගඩොල් ගොඩක තිබී මෝටාර් බෝම්බයක් සොයාගෙන තිබේ.

නිවස අලුත්වැඩියා කරමින් සිටි පෙදරේරුවෙකු මෙය දැකීමෙන් පසු මෙම මිලිමීටර් 81 ජීව මෝටාර් බෝම්බය සොයාගත් බව පොලිසිය සඳහන් කර ඇත..

නිවසේ හිමිකරුවන්ට ලද තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට පැමිණ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

ඉන් අනතුරුව එය නිශ්ක්‍රීය කිරීමට පොලිස් කාර්ය සාධක බළකාය පැමිණ තිබේ.

ඉදිකිරීම් භූමියේ මෙම මෝටාර් බෝම්බය තැබීමට පෞද්ගලික පළිගැනීමක් වන්නට ඇතැයි  සැකකරන බව පොලිසිය පවසයි.

Werzuo Digital

Leave a Reply