දක්ෂිණ අධිවේගීයේ අනතුරින් එක් අයෙකු මියගොස් කුඩා දරුවන් ඇතුළු 04 තුවාල

එකම පවුලේ 08 දෙනකුගෙන් යුත් පිරිසක් ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 29 දොඩංගොඩ ප්‍රදේශයේදී සිමෙන්ති පටවාගත් ලොරියක ගැටී සිදුවූ අනතුරකින් පියා මියගොස් කුඩා දරුවන් 03 දෙනකු ඇතුළු 04 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය පවසයි

අනතුරින් මියගොස් ඇත්තේ අක්මීමන පදිංචි 67 හැවිරිදි අයෙකි.

තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ පිරිස අතර වෛද්‍ය උපාධිය ලද 29 හැවිරිදි තරුණියක් , මෝටර් රථය පැදවූ ඇයගේ  සහෝදරයාගේ වයස අවුරුදු 07, 04 හා එකහමාර අතර පසුවන දරු තිදෙනෙක් වන බව පොලිසිය පවසයි.

මෝටර් රථය පැදවූ පුද්ගලයාට කිසිදු තුවාලයක් සිදුවී නැතැයි පොලිසිය පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඊයේ (24) පැවති වෛද්‍ය උපාධි ප්‍රදානෝත්සවයට  සහභාගි වී  යළි අක්මීමන නිවස කරා අධිවේගී මාර්ගය ඔස්සේ මෝටර් රථයෙන් යමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ  මියගිය අයගේ පුතා අත්අඩංගුවට ගෙන තිබේ.

Werzuo Digital

Leave a Reply