ගාල්ල – මාතර ප්රධාන මාර්ගයේ හබරාදුව හැඩිවත්ත ප්රදේශයේ දී අද (27) දවල් හබරාදුව සිට ගාල්ල බලා ධාවනය වූ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොග්ගල ඩිපෝවට අයත් බස් රථයක ත්රීරෝද රථයක් ගැටී සිදුවු රිය අනතුරකින් ත්රීරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බව හබරාදුව පොලිසිය පවසයි.
බස් රථයට පිටුපසින් ගාල්ල දෙසට ධාවනය වු ත්රීරෝද රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව බස් රථයේ පිටුපස ගැටී මෙම අනතුරක් සිදුවි තිබෙන බව හබරාදුව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු හබරාදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අනතුර සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.