ලක් මව රනින් සැරසූ විරුවෝ දිවයිනට

සිංගප්පූරුවේ පැවති විවෘත බර ඉසිලීමේ තරගාවලිය නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිස අද (28) අලුයම දිවයිනට පැමිණියහ.

මෙම තරගාවලියේදී රන් පදක්කම් 03 ක්,රිදී පදක්කම් 01 ක් සහ ලෝකඩ පදක්කම් 02 ලාංකීක ක්‍රිඩකයින් විසින් දිනාගෙන තිබේ. 

මෙම තරගාවලිය එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සදහා අවසන් තේරීමේ තරගාවලියක් ලෙසද පවත්වා තිබු අතර මෙය පසුගිය 25 දින සිට 27 දින දක්වා සිංගප්පූරුවේ පැවත්වින.

එහිදී යුද හමුදාවේ සැරයන් ජේ.ඒ.සී. ලක්මාල් කිලෝග්‍රෑම් 67 බර පන්තියේ රන් පදක්කම දිනා ඇති අතර, ඔහු දැක්වූ දක්ෂතාව හේතුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියටද සුදුසුකම් ලබාගැනීමට සමත් විය. එසේම කිලෝග්‍රෑම් 55 බර පන්තිය නියෝජනය කළ කෝප්‍රල් වයි.ඩී.අයි. කුමාර එම ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළ අතර, ඔහුද පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සුදුසුකම් ලබා තිබේ..

Werzuo Digital

Leave a Reply