වියළන ලද හැල කිඹුල් මස් කිලෝග්රෑම් 09 ක් හා එම කිඹුලාගේ හම, හිස සමඟ සැකකරුවෙකු පෙරේදා (26) සවස වනාතවිල්ලුව විජයපුර ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව කළුවරගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.
සැකකරු අදාළ ප්රදේශයේ පදිංචිකරුවෙකු බව ද එම කාර්යාලය පවසයි.
අදාළ ප්රදේශයේ ජලාශයක සිට ගොඩබිම පිහිටි ගවගාලක් දෙසට පැමිණ සිටියදී පහර දී මරා දමා ඇති බවට සැක කරන අඩි අටක් දිග මෙම කිඹුලා පසුව මස් කර කියලා ඇති බවට මූලික විමර්ශන වලදී අනාවරණය වූ බවද වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.