ලොව විශාලතම කිඹුලා මියයයි

ලොව විශාලතම කිඹුලා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටි ‘කැසියස්’ නමැති කිඹුලා මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගියදා ඔස්ට්‍රේලියාවේදී මියගිය බවට වාර්තා වන ‘කැසියස්’ ලොව වයස්ගතම කිඹුලන් අතර තුන්වැනි ස්ථානයේ සිටි බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

අඩි 18ක් දිගැති ‘කැසියස්’ ගේ බර ටොන් එකකට වඩා වැඩි බවත්, ඔස්ට්‍රේලියාවේ ග්‍රීන්ස්ලන්ඩ් සංචාරක නගරයේ වසර 37ක් පුරා ජීවත්ව සිටි බවත් වැඩිදුරටත් වාර්තා කලේය

ඕස්ට්‍රේලියාවේ ඩාවින්හි පිහිටි ගොවිපොළක හිමිකරුවන් විසින් සිය ගව පට්ටියේ ගවයින් ගොදුරු කරගන්නා බවට කළ පැමිණිල්ලක් මත පර්යේෂකයන් විසින් ඔහු සිය භාරයට ගැනුණේ 1984 වසරේ දී යි. ඒ වන විටත් කැසියස්ගේ වයස 30ත් 80ත් අතර විය යුතු බවට උපකල්පනය කෙරී තිබුණා.

ඔස්ට්‍රේලියාව තුළ දී ජීවග්‍රහයෙන් අල්ලා ගන්නා ලද විශාලතම කිඹුලා වූයේ ඔහුයි. එකල ඔහු අඩි 16කුත් අඟල් 10කින් (මීටර 5.13) යුතු විය ඔහු ඒ වන විටත් ලොකු දඩබ්බරයෙක්.

ඒ වගේ ශරීර ප්‍රමාණයකින් යුත් කිඹුලන් අසාමාන්‍යයි.’ කිඹුලා අල්ලා ගැනීමට සහය වූ පර්යේෂකයෙකු වන ග්‍රැහැම් බෙල් සිය මතකය අවදි කරමින් ABC News වෙත පවසා තිබුණා.

ඔහු කැසියස් යනුවෙන් නම් කර තිබුණේ මොහොමඩ් අලි නමැති ප්‍රවීණ බොක්සිං ක්‍රීඩකයාගේ උපන් නම වූ කැසියස් ක්ලේ යන්න සිහි වීම පිණිසයි.

මිය යන විට මෙම කිඹුලා ජිවත් වුයේ ඔස්ට්‍රේලියාවේ Green Island දූපතේ තිබෙන Marineland Crocodile Park නමින් හැඳින්වෙන කිඹුලන් වෙනුවෙන් ම පවත්වාගෙන යන ස්ත්ත්වෝද්‍යානයකය.

2011 වසරේ දී සත්ත්වෝද්‍යානයක සිටින ලොව විශාලතම කිඹුලා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත් වූ ටොන් එකකට වඩ බර කැසියස් නම් මෙම කිඹුලායි.

කාලයක් රෝගාතුරව සිටි ‘කැසියස්’ මිය ගියද අප්‍රිකාවේ සිටින ලොව වයස්ගතම කිඹුලන් වන ‘හෙන්රි’ (අවුරුදු 124) සහ ‘බිග් ඩැඩී’ (අවුරුදු 121) තවම ජීවත් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Werzuo Digital

Leave a Reply