ගාල්ලේ මෝටාර් උණ්ඩයක්

ගාල්ල කොටුව බාල දක්ෂ මාවතේ පිහිටි නියෝජ්‍ය හාබර් මාස්ටර් කාර්යාලය පරිශ්‍රයේ අසල මුහුදු වෙරළේ තිබී අද (17) පෙරවරුවේ මෝටාර් වර්ගයේ උණ්ඩයක් සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.

මේ වන විට එම උණ්ඩය මෙම ස්ථානයේ තබා ඇති අතර අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු විශේෂ කාර්ය බලකාය පැමිණ එය නිෂ්ක්‍රීය කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

ඊයේ මුහුද රළු වීමත් මෙම ස්ථානයට මුහුදු රළ පැමිණ ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

ගාල්ලෙන් හමුවු මෝටාර් උණ්ඩය
Werzuo Digital

Leave a Reply