දැඩි ලෙස වඳවිමේ තර්ජනයට ලක්ව ඇති ඒකදේශිය කකුළු විශේෂයක් ගාල්ලෙන්  

දැඩි ලෙස වඳවිමේ තර්ජනයට ලක්ව ඇති ඒකදේශීය විශේෂයක් වන Pastilla ruhuna මිරිදිය කකුළු විශේෂය පලමු වරට ගාල්ල නගරය ආශ්‍රිත පරිසරයෙන් හමුව ඇති බව පර්යේෂකයෙකු හා ශ්‍රි ලංකා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ අධ්‍යාපන නිලධාරීයෙකු වන ක්‍රිෂාන් වේවැල්වල මහතා පවසයි.

Pastilla ruhuna (පැස්ටිලා රුහුණ) මෙම මිරිදිය කකුළු විශේෂය 2001 දී සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Peter K. L. Ng මහතා සහ Francis W. M.Jay මහතා විසින් විද්‍යාත්මකව විස්තර කරන ලද විශේෂයක් බව ඔහු පවසයි.

මෙම ගණයේ දැනට ලෝකයේ වාර්තා වන්නේ මෙම විශේෂය පමණක් බැවින් ඒකදේශීය ගණයක් ( Monotipic Grenara ) ලෙසද හඳුන්වයි.

මෙම කකුළුවා මුලින්ම ගාල්ල දිස්ත්‍රික්කයේ රක්ෂිත ස්ථාන දෙකකින් හමුවු අතර ඉතාම කාර්යබහුල නාගරික පරිසරයකින් හමුවු පළමු අවස්ථාව මෙය බවද ක්‍රිෂාන් වේවැල්වල පැවසීය.

පර්යෙෂකයෙකු මෙන්ම සංරක්ෂණවේදියෙකු වන ක්‍රිෂාන් වේවැල්වල සහ ලංකාවේ මෙන්ම ඉන්දියාවේද මිරිදිය කකුළුවන් පිලිබඳ ප්‍රාමානික විද්වතෙකු වන එම්.එම් බාහිර් විසින් මෙම කකුළුවා ගාල්ල නගරය ආශ්‍රිත නාගරික පරිසරයෙන් සොයාගෙන තිබේ.

නාගරික ප්‍රදේශයක් වු ගාල්ල කරාපිටිය ආශ්‍රිත ප්‍රදේශයෙන් මෙම විශේෂය වාර්තා වි තිබේ.

නමුත් මීට අවුරුදු 10 කට පමණ පෙර ස්ථාන කිහිපයකින් වාර්තා වූ මෙම විශේෂය අද වන විට ස්ථාන හතරක් දක්වා පහට වැටී ඇත.

අද වන විට මෙම කකුළුවා මුලින්ම හමුවු ස්ථාන දෙකෙන් එක් ස්ථානයකින් සදහටම වඳවී ගොස් ඇති බවත් ඔහු පැවසීය.

විශේෂයෙන්ම මොවුන් රාත්‍රි කාලයේ දී පමණක් දැකගත හැකි සත්ව විශේෂයක් බවද ඔහු පැවසීය

විශේෂ නාමය රුහුණ යන නම දකුණු පළාතෙන් හමුවන බැවින් යොදා ඇත.

ලංකාවේ මේ වනවිට මිරිදිය කකුළුවන් විශේෂ 52 ක් වාර්තා වන අතර එයින් 51 ලංකාවට ආවේණික වේ

ගාල්ලෙන් හමුවු ඒකදේශිය කකුළු විශේෂය

Werzuo Digital

Leave a Reply