පාපන්දු පිටියේ රොනල්ඩෝගෙන් ඉතිහාසගත වාර්තාවක්

පාපන්දු ඉතිහාසයේ ගෝල 900ක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා බවට ඉතිහාසගත වීමට සුපිරි පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වී තිබෙයි.

ඒ යුරෝපා නේෂන්ස් කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රොඒෂියාව සමඟ පැවැති තරගයේදී රොනාල්ඩෝ රැස්කළ සුපිරි ගෝලයත් සමගයි.

ඔහු මෙහිදී සිය ස්වර්ණමය 900 වැනි ගෝලය රැස්කර ගැනිමෙන් අනතුරුව රොනාල්ඩෝ වඩාත් සංවේදී වී තිබුණි.

39 හැවිරිදි රොනාල්ඩෝ ඓතිහාසික ගෝලය ලබා ගැනීමට සමත් වූයේ පෘතුගාලය ගෝල් 2-1කින් ජය ගත් ක්‍රොඒෂියාව ට එරෙහි නේෂන්ස් ලීග් තරගයේදී.

මෙය ඔහුගේ ක්‍රීඩා දිවියේ 1230 වැනි තරගය වී තිබුනා.

රොනාල්ඩෝගේ පළමු ගෝලය වාර්තා වන්නේ 2002 ඔක්තෝබර් 7 වැනිදා පෘතුගාලයේ Sporting Lisbon ක්‍රීඩා සමාජ කණ්ඩායම නියෝජනය කරමින් Moreirense පිලට එරෙහිව පැවති ලීග් තරගයේදී.

ඔහු මේ ගෝලය ලබා ගෙන තිබෙන්නේ පන්දුව සමග තනිව දුවමින් වීම විශේෂත්වයක්

Werzuo Digital

Leave a Reply