ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාරදුන් දිනයේ සිට අද (01) උදෑසන දක්වා කාලය තුල ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණ පැමිණිලි 72ක් ලැබි ඇති බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානය පවසයි.
මෙම පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක්, පෝස්ටර් කටවුට් ප්‍රදර්ශණය කිරිම, දේශපාලඥයින්ගේ සහභාගිත්වයෙන් විවෘත කිරිම්, අනවසර රැස්විම් පැවැත්විම ආදිය සම්බන්ධයෙන් වන අතර මේ වනතෙක් කිසිදු ප්‍රචණ්ඩකාරි සිදුවිම් කිසිවක් වාර්තාවි නැත.
නිත්‍යානුකූල කාර්යාලයක හැර වෙනත් කිසිදු ස්ථානයක අපේක්ෂකයින්ගේ ඡායාරුප හෝ ඡන්ද ලකුණු, ප්‍රදර්ශනය කල නොහැකි බවත් පුද්ගලික නිවසක වුවද මහජනයාට ප්‍රදර්ශනය වන ආකාරයට අපේක්ෂකයින්ගේ ඡායාරුප හෝ ඡන්ද ලකුණු ප්‍රදර්ශණය කළ නොහැකි බවත් මැතිවරණ නිතීවල දැක්වෙයි.