කොලරා වසංගතයට බියෙන් පළා ගිය 94 දෙනෙකු බෝට්ටුවක් පෙරලීමෙන් මරුට

මොසැම්බික් හි උතුරු වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයකදී යාත්‍රාවක් පෙරලී යාමෙන් පුද්ගලයින් 94 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

එහි සිටි බවට විශ්වාස කෙරෙන 130 දෙනෙකුගෙන් 5 දෙනෙකු පමණ බේරාගෙන ඇති බවත් ඉතිරි පිරිස අතුරුදහන් ව ඇති බව නාම්පුලා පළාතේ ආරක්ෂක නිලධාරීන් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය අය අතර කුඩා දරුවන් රැසක් ද සිටින බවට වාර්තා වේ. මෙම පිරිස කොලරාව පැතිරෙමින් ඇති ප්‍රදේශයක් මගහැර පළා යමින් සිටි පිරිසක් බවට ද වාර්තා වේ.

ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන යාම හමුවේ යාත්‍රාවේ තදබදය වැඩි වීම සහ එය මගීන් රැගෙන යාමට සුදුසු තත්වයේ නොතිබීම හේතුවෙන් එය ගිලී ගොස් ඇතැයි එම වාර්තා  සඳහන් කළේය.

බෝට්ටුව නාම්පුලා වෙරළට ඔබ්බෙන් වූ ලුංගා සිට මොසැම්බික් දූපත දක්වා ගමන් කරමින් තිබූ බව අනාවරණ වී තිබේ.

පසුගිය 2023 වසරේ ජනවාරි මාසයේ සිට දකුණු අප්‍රිකාවේ රටවල් කිහිපයක් පුරා පැතිර ගිය කොලරා රෝගයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශයක් වන්නේ නම්පුලා පළාතය.

යුනිසෙෆ් සංවිධානයට අනුව මෙම පැතිර යාම වසර 25 කට පසු වාර්තා වූ දරුණුතම වසංගතය ලෙසට සැලකේ.

Werzuo Digital

Leave a Reply