මාර්තු 21න් පසු වැස්සක බලාපොරොත්තුවක්

මාර්තු මාසයේ 21 වැනිදායින් පසු දිවයිනේ වැසි තත්ත්වය අඩු වැඩි වශයෙන් පැවතිය හැකි බව ජාත්‍යන්තර කාලගුණ අංශ සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පලකරයි.

එම වැසි තත්ත්වය අඩුවැඩි වශයෙන් පවතින විට පවතින අධික උෂ්ණත්වය ද ක්‍රම ක්‍රමයෙන් අඩුවී යනු ඇතැයි ද එම අනාවැකිවල සදහන්ය.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ කළුතර  දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බව එහි වැඩිදුරටත් සදහන්ය

Werzuo Digital

Leave a Reply