ගාසාවේ දිනකට දහසක් බඩගින්නේ ජිවිතක්ෂයට

උතුරු ගාසා තීරයේ වයස අවුරුදු 2ට අඩු දරුවන් තුන් දෙනකුගෙන් අයකු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව එම තීරයේ ක්‍රියාත්මක වන ප්‍රධාන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය පසුගියදා ප්‍රකාශ කළේය.

ඉක්මනින් ක්‍රියාත්මක නොවුණ හොත් ගාසා තීරයේ සාගත තත්වයක් ඇති විය හැකි බවත්,ළමා මන්දපෝෂණ තත්වය පාලනය කළ නොහැකි මට්ටමකට ළඟා වෙමින් පවතින බවත්, නියෝජිතායතනය ප්‍රකාශ කළේය.

හමාස් සංවිධානය ඉකුත් ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයත් සමග ඇරැඹි ඊශ්‍රායල – හමාස් යුද්ධය හේතුවෙන් පලස්තීනයේ ලක්ෂ 20 කට වැඩි පිරිසක් අවතැන් වී සිටින බවත්, ගාසා තීරයේ මානුෂීය ඛේදවාචකයක් ඇති වී තිබෙන බවත්, එම නියෝජිතායතනය පවසයි.

ගාසා තීරයේ දරුවන් තිදෙනෙකුගෙන් අයකු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙද්දී, දිනපතා 1000 ක් පමාන කුසගින්නෙන්, මන්දපෝෂණයෙන් හා රෝග වලින් මිය යන බව ද එම නියෝජිතායතනය ප්‍රකාශ කළේය.

Werzuo Digital

Leave a Reply