තංගල්ල, කුඩාවැල්ල මෝදරවත්ත මුහුදේ දියනෑමට ගිය පුද්ගලයින් තිදෙනෙකු අද (25) දහවල් 2.30ට පමණ රළ පහරට හසුවී ගසාගෙන ගොස් එක් අයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදහන්වි ඇති බව පොලිසිය පවසයි.
ඉන් එක් පුද්ගලයෙක් දිවි බේරාගෙන ඇති බවද පොලිසිය පවසයි.
මෙලෙස සිරුර හමුවී ඇත්තේ කළුතර පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි
අතුරුදන්ව ඇත්තේ 25 හැවිරිදි කඹුරුපිටියේ පදිංචි තරුණයෙකි.
පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පැමිණ ඇති අතර ඉන් තිදෙනෙකු මුහුදේ දියනෑමට ගොස් අනතුර සිදුවී ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.