කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (02) පෙරවරු 9.00 වන තෙක් වලංගු වන පරිදි තද වැසි පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල සහ මඩකළපුව, අම්පාර සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ඊසාන දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන්, ඌව , මධ්‍යම සහ දකුණු පළාත්වලත් මඩකළපුව, අම්පාර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය කිහිපය තුල තවදුරටත් බලාපොරොත්තු වන එහි සදහන්ය
ඇතැම් ස්ථාන වලට මි.මි. 100ට වැඩි තද වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේය
මේ අතර අද පෙරවරු 8.30 සිට රාත්‍රී 10.30 දක්වා දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගාල්ල උඩලමත්ත ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. එහි අගය මිලිමීටර 134.5 කි.