ගිං ගඟේ කිඹුලෙකු සපා කෑමෙන් තුවාල ලැබු පුද්ගලයෙකු අද (26) සවස කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.
මෙසේ රෝහල්ගත කර ඇත්තේ නාගොඩ ගම්මැද්දේගොඩ පදිංචි පුද්ගලයෙකි
ඔහු අද සවස තම නිවසේ බල්ලා ගිං ගගේ නාවමින් සිටියදි මෙලෙස කිඹුල් ප්‍රහාරයට ලක්ව තිබේ.
පසුව ඔහු කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙන අතර ඔහුගේ තත්වය බරපතල නොවන බවද රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.