දශක හතරක් දුක්විඳ ශ්‍රි ලංකාවේ උපන් Mali අවසන් ගමන් යයි

දශක හතරකට පමණ පෙර ශ්‍රී ලංකාවෙන් පිලිපීනය වෙත පරිත්‍යාග කරනු ලැබූ Mali නම් අලියා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මාලි අලියා මියයන විට 43 හැවිරිදි වියේ පසුවිය.

“ලොව දුක්බරම අලියා” ලෙස මාලි ලොවපුරා සත්වවේදීන් හඳුන්වා ඇති අතර මේ සමගම සත්වවේදීන් සහ පිලිපීන මාලිට ආදරය කරන පිරිස් ශෝකයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය

ශ්‍රි ලංකාවේ උපන් මාලිගේ සම්පූර්ණ නම විශ්ව මාලි වන අතර පිලිපීනයේ හිටපු ජනාධිපති ආර්යාව වන ඉමෙල්ඩා මාර්කෝස් වෙත ශ්‍රී ලංකා රජය විසින් විසින් 1981 දී පිලිපීනය වෙත පරිත්‍යාග කර තිබුණි. ඒ වනවිට මාලිට වයස මාස 11කි

ඊයේ පස්වරුවේ ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් මාලි මියගොස් ඇති බව පශු වෛද්‍යවරු තහවුරු කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

මරණ පරීක්ෂණයේදී මාලිගේ සමහර අවයවවල පිළිකාවක් ඇති බවත්, ධමනිය අවහිර වී ඇති බවත් සොයා ගන්නා ලද බව වාර්තාවේ.

Werzuo Digital

Leave a Reply