මෙරට පාසල් සිසුන්ගෙන් සියයට 15කට දුර පෙනීමේ අබාධ

මෙරට පාසල් සිසුන්ගෙන් 15% ක් අවිදුර දෘෂ්ටිකත්වයෙන් ( (දුර පෙනීමේ ගැටලුව) පෙළෙන බවත් බොහෝ දෙනා ඒ පිළිබඳව නොදන්නා බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය හිරන්‍ය අබේසේකර මහතා පවසයි.

වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (12) යෙදී තිබුණු ලෝක දෘෂ්ටි දිනය නිමිත්තෙන් ජාතික අක්ෂි රෝහල මගින් පැවැත්වූ මාධ්‍යෙව්දීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින්.

දරුවෙක් අක්ෂි ආබාධයකින් පෙළුණ ද ඔවුන්ට එම තත්ත්වය වචනවලින් ප්‍රකාශකිරීමට නොහැකි වීම නිසා දෙමාපියන්ට මේ පිළිබඳව අවබෝධයක් නොමැති බවත් දෙමාපියන් ඒ සම්බන්ධයෙන් දැනුවත් විය යුතු බවත් වෛද්‍යවරයා අවධාරණය කළේය.

දරුවා ඉතා ළඟ සිට රූපවාහිනිය නැරඹීම, ඇසට ඉතා ළං කර පොත්පත් කියවීම, නිතර ඇස් පොඩි කිරීම, හිසරදය, අසාමාන්‍ය ලෙස හිස හරවා බැලීම වැනි ලක්ෂණ පෙන්වන්නේ නම් ඇස් පරීක්ෂාවට යොමු කළ යුතු අතර විශේෂයෙන් ම පාසල්වල අක්ෂි සායන පවත්වන දිනවල නොවරදවා දරුවන් එම සායනවලට යොමු කරන ලෙස ද වෛද්‍යවරයා මෙහිදී පැවසීය.

දරුවන්ගේ අක්ෂි ආබාධ සම්බන්ධයෙන් ගුරුවරුයාට ද මනා අවබෝධයක් ඇති බැවින් ගුරුවරයාගේ උපදේස මත කටයුතු කිරීමේ වැදගත්කම ද ඒ මහතා මෙහිදී පැහැදිලි කළේය.

පාසලේදී මෙන්ම නිවසේදී සිදුවන අක්ෂි අනතුරුවලදී නිසි ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවත් පාසල්යන වය‍සේ ඔිනෑම දරුවෙක්ගේ අක්ෂි පරීක්ෂාවක් රජයේ රෝහලකින් හෝ සුදුසුකම්ලත් දක්ෂ වෛද්‍යවරයකු ලවා සිදු කරවා ගත හැකි බවත් වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Werzuo Digital

Leave a Reply