දිය නෑම අනතුරුදායක කොග්ගල මෝයකටේ තවත් බිල්ලක්

කොග්ගල මෝය කට අසල මුහුදේ දිය නාමින් සිටි 14 හැවිරිදි පිරිමි ළමයෙකු අද (29) සවස මුහුදේ ගිලි අතුරුදහන්ව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ මුහුදේ ගිලි ඇත්තේ වරකාපොල, මිල්ලගහදොල,ගණිතපුර පදිංචි 14 හැවිරිදි සිසුවෙකු බව පොලිසිය පවසයි.

වරකාපොල සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක සිටි ඔහු තවත් මිතුරෙකු සමග නාමින් සිටියදි දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇති අතර එහි සිටි පිරිස එක් අයෙකු බේරාගෙන ඇත.

අතුරුදහන්වු ළමයා සොයා නාවික හමුදාව ජිවිතාරක්ෂක කණ්ඩායම් සහ ප්‍රදේශවාසින් එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත.

මෙම මෝයකට මුහුදු ප්‍රදේශයේ දිය නෑම ඉතා අනතුරුදායක බව ප්‍රදේශවාසීන් පවසයි.

මෙම ස්ථානයේ පසුගිය මාසයේද ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට පැමිණ නාමින් සිටි සිසුවෙකුද මුහුදේ ගිලි අතුරුදහන් වි පසුව මළ සිරුර සොයාගනු ලැබිය.

Werzuo Digital

Leave a Reply