කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා අද (12) පස්වරුවේ ධාවනය කෙරුණු දුම්රියකින් බුළුගහගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී මගියෙකු ඇදවැටී තුවාල ලබා තිබේ.
තදබදය හේතුවෙන් දුම්රිය මගීන් පාපුවරුව මත ගමන් කිරීම නිසා මෙම අනතුර සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
දුම්රියෙන් වැටී තුවාල ලැබූ මගියා රෝහල්ගත කර තිබේ.
සිය ගැටලුවලට විසඳුම් නොලැබුණ හොත් වර්ජනය ඉදිරියට යන බව දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය පවසයි.
ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ හදිසි වැඩවර්ජනයක් දියත් කළේ, වැටුප් සහ උසස්වීම් ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමිනි.
මේ අතර දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින් රජය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
දුම්රිය වර්ජනය හේතුවෙන් හෙට (13) දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන ලෙස මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.