ඉදිරි පැය 12 ක කාලය තුළ වයඹ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් (LPA) නිර්මාණය වීමට ඉඩ ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර කාලගුණ අංශ අද (16) නිවේදනය කලේය.
මෙම ක්‍රමයෙන් වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) පවසයි.
මෙම අඩු පීඩනය කලාපයේ බලපෑම හේතුවෙන් මහාරාෂ්ට්‍රා, ගුජරාටි සහ ඕඩීෂා යන ප්‍රාන්තවලට තද වැසි ඇති විය හැකි බව එහි සඳහන්.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් නිරිත දිග ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ද වැසි ඇතිවිය හැකි බව එරට සහ ජාත්‍යන්තර කාලගුණ අංශ නිවේදනය කළේය.