උඩුගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගිය සැකකරුවෙකු සොයා උඩුගම පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
නිවසක් බිඳ මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරු ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිට තිබේ.
ඊයේ (04) උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් එහි සිරමැදිරිය වෙත යොමු කිරිමට සූදානම් වන අවස්ථාවේදියි 32 හැවිරිදි වළස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම රැඳවියා පලාගොස් තිබේ.