එළැඹෙන මහ කන්නයේදී මෝසම් වැස්සේ අඩුවීමක් අපේක්ෂා කෙරෙන නිසා කල් තියාම මහ කන්නය සැලසුම් කරන්නැයි ගොවි ජනතාව ඇතුළු වගකිව යුතු අංශවලින් ඉල්ලීමක් කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජේයෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ප්‍රකාශ කර තිබේ.
මේ වසර අවසානයේදී පැසිෆික් සාගර කලාපය ආශ්‍රිතව ඇතිවනු ඇතැයි පුරෝකථනය කොට තිබෙන එල් නිනෝ තත්ත්වය නිසා එළැඹෙන මහ කන්නයේදී මෝසම් වැස්සේ අඩුවීමක් අපේක්ෂා කෙරෙන බවද මහචාර්යවරයා ප්‍රකාශ කර තිබේ.
ඒ නිසා කල් තියාම පවතින සම්පත් උපරිම අයුරින් ප්‍රයෝජනයට ගත හැකි අයුරින් මහ කන්නය සැලසුම් කොට යුතුව ඇතැයිද ඔහු අවධාරණය කර තිබේ.
මේ වසර අවසානයේදී පැසිෆික් සාගරයේ උෂ්ණත්වය ඉහළ යෑමෙන් එල්නිනෝ තත්ත්වයක් ස්ථාපනය වීමට සියයට අනූවකට වඩා වැඩි සම්භාවිතාවක් පවතින බවට එක්සත් ජාතීන්ගේ ලෝක කාර්මික සංවිධානය පුරෝකථනය කොට ඇති නිසා එහි බලපෑම මෙරටටද ඇතිවන බව මහචාර්යවරයා සඳහන් කළේය.
මේ හේතුවෙන් මෙවර ලංකාව ආශි්‍රතව සක්‍රිය වන අන්තර් මෝසම් වර්ෂාව වඩාත් තීව්‍ර ස්වභාවයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
අන්තර් මෝසමෙන් එක්රැස් වන වාරි ජලය මිනිස් පරිභෝජනයට, ජීවීන්ගේ පරිභෝජනයට, කෘෂිකර්මාන්තයට හා ජල විදුලිය නිපදවීමට ආදී නොයෙකුත් දේ සඳහා යොදා ගන්නා නිසා ප්‍රමුඛතා හඳුනාගනිමින් මහ කන්නයේදී ප්‍රයෝජනයට ගත හැකි අයුරින් ජලය කළමනාකරණය කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය.
වසර තුනකට හෝ හතකට වරක් සක්‍රිය වන එල්නිනෝ තත්ත්ව ස්වාභාවික සංසිද්ධියක් වුවත් එහි බලපෑම කාලානුරූපීව වැඩි වන නිසා එළැඹෙන මහ කන්නය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු කීය.
මෝසම් වැස්ස අඩුවීමේ සහ අන්තර් මෝසම් වැස්ස තීව්‍ර වීමේ වැඩි සම්භාවිතාවක් ඇති නිසා සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන මහ කන්නය කල් තියාම සැලසුම් කිරීම වඩාත් සුදුසු බවද මහාචාර්ය බුද්ධි මාරඹේ සඳහන් කළේය