අයිස් මත්ද්‍රව්‍ය හා දුම්කොල නිසා පාසල් ළමුන් බිහිසුණු අනතුරක

2023 වසරේ මේ දක්වා අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පනස්දහසක් පමණ හඳුනාගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

පාසල් සිසුන් ද මත් වීම සඳහා විවිධ ක්‍රම භාවිත කිරීමේ ප්‍රවණතාවක් මතුව ඇති බව එම මණ්ඩලය අනතුරු අඟවයි.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට මුළු ලොවටම එල්ල කර ඇත්තේ දැඩි තර්ජනයකි.

මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගෙන් පිරුණු සමාජයක් කෙසේ වේද යන්න හඳුනාගැනීමට දර්ශන ඕනෑ තරම්ය.

ශ්‍රී ලංකාවට ද මත්ද්‍රව්‍ය දැඩි බලපෑම් එල්ල කරමින් ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹුණු පාසල් දරුවන් පිළිබඳ පවා අපට පසුගිය දිනවල වාර්තාවුණි.

පාසල් දරුවන් සහ උපකාරක පන්ති සිසුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය අලෙවිකරන්නන් ද ආරක්ෂක අංශ භාරයට ගැනෙන අතර එවැන්නන් සොයා වැටලීම් පුළුල් කර තිබේ.

මෙවන් තත්ත්වයක අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය අනාවරණ කරන්නේ මෙවන් තොරතුරකි.

මේ පිළිබඳ අනාවරණය කරන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ, සභාපති, නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා,

“මේ මොහොත වෙද්දි සාමාන්‍යයෙන් 50,000ක් පමණ මෙතම්ෆටමයින් භාවිතයේ එහෙම නැත්නම් අයිස් භාවිතයේ අය ඉන්නවා කියලා අපිට පේනවා. ලක්ෂ 30ක් ලංකාවේ දුම්කොළ ආශ්‍රිතව භාවිතය තියෙනවා. පාසල් පද්ධතියේ හුඟාක් වෙලාවට දක්නට ලැබෙන්නේ දරුවන් දුම්කොළ ගෙදරම හදාගෙන මත්වීමට හුරුවීමක් ඒ තුළ දක්නට ලැබෙනවා.”

Werzuo Digital

Leave a Reply