ගාල්ල බස් – දුම්රිය ස්ථාන යාවෙන ගුවන් පාලම කඩාවැටීමේ අවදානමක

ගාල්ල ප්‍රධාන බස් නැවතුම් පොළත් දුම්රිය ස්ථානයත් සම්බන්ධ කොට ඉදිකර ඇති මගී ගුවන් පාලම අබලන්ව කඩා වැටිමේ තර්ජනයකට මුහුණපා ඇත.

මෙම පාලම මතින් ගමන් කිරීම සඳහා එය යොදා නොගන්නා ලෙස වසා දමමින් ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ගාල්ල මහ නගර සභාව මාස කිහිපයකට පෙර ජනතාවට දැනුම් දෙමින් දැන්විමක් ප්‍රදර්ශනය කර තිබේ.

කෙසේ වෙතත් මෙම පාලම පරිහරණයට නොගෙන විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දැනුම් දී දැන්වීම් ප්‍රදර්ශනය කර පාලමට ඇතුළු විම තහනම් කර තිබුණත් මෙම පාලමට යටින් ගමන් ගන්නා ජනතාවට සහ වාහනවලට අවදානමක් ඇති බව ජනතාව පවසති.

මෙම පාලම නිසි අයුරින් නඩත්තු නොකිරීම නිසා මෙම තත්ත්වයට පත්ව ඇතැයි ජනතාව චෝදනා කරයි.

දිනකට දහස් සංඛ්‍යාත මගී ජනතාව, පාසල් සහ අමතර පන්ති සදහා යන සිසු සිසුවියන් පාලම යටින් එහා මෙහා ගමන් කරන බැවින් හැකි ඉක්මනින් මෙය ප්‍රතිසංස්කරණය කර දුම්රිය මගීන්ගේ සහ පාලම භාවිතා කරන පිරිසගේ ගමන් පහසුව සලසා දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

ගාල්ල නව බස්නැවැතුමේ විශේෂත්වය වන්නේ දුම්රිය ස්ථානය හා බස් නැවතුම් පොළ සම්බන්ධ වන දිගින් මීටර් 41ක් දිග ගුවන් පාලමකින් ඉදිවුණු ප්‍රථම බස්නැවැතුම මෙය වීමයි.

2004 සුනාමි ව්‍යසනයෙන් පසු ගාල්ල බස් නැවතුම්පොළ සම්පූර්ණයෙන් විනාශ වූ අතර ඉන්පසු තාවකාලිකව ඉදි කර තිබූ බස් නැවතුම්පොළ වෙනුවට 2011 වසරේම බස් නැවතුම්පල ඉදි කරනු ලැබුවා

Werzuo Digital

Leave a Reply