ගමන් මලු රැගෙන දුම්රියන්හි ගමන් කරමින් මගීන්ගේ ගමන් මලු වලට තමන්ගේ ගමන්මළු මාරුකරමින් බෑග් සොරකම් කිරීමේ ජාවාරමක නියැලෙන බව කියන සිදුවීමි කීපයක් මේ දිනවල වාර්තා වී ඇති බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසයි.
ඒ අනුව සිය ගමන්මලු ගැන අවධානයෙන් සිටින ලෙස මගීන්ට දැනුම් දෙන බව ශ්රී ලංකා දුම්රිය නියාමක සංගමය පවසයි.
දුම්රිය මගීන් බහුලව ගැවසෙන මැදිරිවලට පිවිසෙන බව කියන මෙම කල්ලිය හිස් ලැප්ටොප් පරිගණක බෑග් සහ තවත් ගම්න් මළු රැගෙන මැදිරිවලට ඇතුළු වී ඒ හා සමාන මගී බෑගයක් ලගින් තමාගේ ගමන් මල්ල තබන බව එම සංගමය පවසයි.
මගියාගේ අවධානය බෑගයෙන් ගිලිහෙන මොහොතක් බලා කල්ලි සාමාජිකයා මගියාගේ බෑගය රැගෙන දුම්රියෙන් බැස යාම් සිදු කරන බවත් කිසියම් ලෙසකින් දුම්රියෙන් බැස යාමට පෙර බෑග් සෙල්ලම අසු වුවහොත් එය වැරදීමක් ලෙස හඟවමින් මගියා නොමඟ හැර පිටවයාම එම කල්ලිය විසින් සිදු සිදුකරන බව එම සංගමය වැඩිදුරටත් ප්රකාශ කර තිබේ.