ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සිදු කෙරෙන සත්ත්ව හුවමාරු වැඩසටහනක් යටතේ “ද්විත්ව කරමල් කැසොවරි” (Double Wattled Cassowary) කුරුල්ලන් තිදෙනකු
දෙහිවල සත්වෝද්‍යානයට ලබා දීම සඳහා ඊයේ (05) රාත්‍රීයේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ගුවන් යානයෙන් ශ්‍රි ලංකාවට එවා තිබේ.
මාස 09 ක් පමණ වයසැති පිරිමි කැසොවරි කුරුල්ලන් දෙදෙනෙකු සහ එක් කැසොවරි කිරිල්ලියක මෙලෙස කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබේ.
උස අඩි 05 කි න් සහ බර කිලෝ ග්‍රෑම් 60 ක් දක්වා වර්ධනය වන මෙම කැසොවරි කුරුල්ලන් ලෝකයේ නපුරුම කුරුල්ලන් ඝනයට එකතු වෙන ලොව දෙවන විශාලතම පක්ෂීන් කාණ්ඩය වන අතර ඉතාම වර්ණවත් මෙම කුරුල්ලන්ට අහසේ පියැඹිය නොහැකි වීම තවත් එක් සුවිශේෂි කරුණක් වෙයි.
මෙම ශ්‍රී ලංකා – තායිලන්ත සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවෙන් මීමින්නන්, කළු වදුරන්, රිලව්, වළිකුකුළන් සහ තවත් සර්ප විශේෂ කිහිපයක්ම
තායිලන්තයට යැවීමට සූදානම් කර තිබෙන බව වාර්තාවේ.
මේ අතර තායිලන්තයේ සිට ගුවන් මගින් පැමිණ තිබු මෙම කැසොවරි කුරුල්ලන් භාර ගැනීම සඳහා දෙහිවල සත්වෝද්‍යානයේ ධම්මිකා දසනායක පශු වෛද්‍යවරියත්, සත්ත්ව පාලක අශෝක ජයලත් සහ සත්ත්ව භාරකරු අසංක ප්‍රනාන්දු යන අය ද කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානය වෙත පැමිණ තිබේ