හජ් වන්දනාවේ ගිය ශ්‍රි ලාංකිකයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු හජ් වන්දනාවේ ගොස් සිටි අතරතුර මියගොස් ඇති බව මුස්ලිම් ආගමික සහ සංස්කෘතික සබඳතා දෙපාර්තමේන්තුව පවසයි.

එක් අයෙක් ශුද්ධ වූ මක්කම නුවර දී හෘදයාබාධයකින් ඊයේ (04) ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා ශුද්ධ වූ මදීනා නුවරදි අනතුරකට ලක්ව මියගොස් ඇති බව සඳහන්.

ඉන් එක් පුද්ගලයෙකු හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති අතර ඔහු කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනෙක් පුද්ගලයා අනතුරකින් මියගොස් ඇති අතර ඔහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොවුන් දෙදෙනාගේම අවසන් කටයුතු මක්කම සහ මදීනා යන ශුද්ධ වූ නගරවල සිදුකර ඇති බව මුස්ලිම් ආගමික සහ සංස්කෘතික සබඳතා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Werzuo Digital

Leave a Reply